පෙරවරු 11 ට දිවයිනට පැමිණි ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පස්වරු 4.15 ට පමණ ඉන්දීය ගුවන් හමුදාවට අයත් විශේෂ යානයකින් නැවතත් ඉන්දියාව බලා පිටත් වුණා. ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයාට සමුදීමේ අවස්ථාව ස`දහා අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ඇතුලූ මැතිඇමතිවරුන් කිහිපදෙනෙකු ද කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටි බවයි අප වාර්තාකරු සදහන් කළේ.

දිවයිනට පැමිණි ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා අද දහවල් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා හමු වී සාකච්ඡුාවක නිරත වුණා. ඒ ජනාධිපති ලේකම් කාර්යාල පරිශ‍්‍රයේදීයි. උත්තමාචාර පෙළපාලියකින් ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා පිළිගැනීමටයි එහිදී පියවර ගෙන තිබුණේ.

මේ අතර අපේ‍්‍රල් 21 ත‍්‍රස්ත ප‍්‍රහාරයට ගොදුරු වූ කොච්චිකඬේ ශාන්ත අන්තෝනි දේවස්ථානය නිරීක්ෂණය කිරීමට ද ඉන්දීය අගමැතිවරයා කටයුතු කළා. එය සුවිශේෂි අවස්ථාවක් ලෙසයි විදෙස් මාධ්‍ය කරුණු වාර්තා කර තිබුණේ.
එමෙන්ම නරේන්ද්‍ර මෝදි මහතා සහ දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයින් අතර සාකච්ඡුාව පස්වරුවේ පැවැත්වුණේ ඉන්දීය තානාපතිවරයාගේ නිල නිවසේදීයි. එම සාකච්ඡුාව විනාඩි 8 කට සීමා වූ බවටයි තොරතුරු වාර්තා වුණේ.

කෙසේවෙතත් උතුරු සහ නැගෙනහිරට දේශපාලන විසදුමක් ලබාදිය යුතු බව නරේන්ද්‍ර මෝදි අග‍්‍රාමාත්‍යවරයා අවධාරණය කර තිබුණා. පුලූල් බලතල විමධ්‍යගත කිරීමක් සහිතව එම දේශපාලන වැඩපිළිවෙල සම්පාදනය විය යුතු බවටයි ඉන්දීය අගමැතිවරයා යෝජනා කර තිබෙන්නේ.

මේ අතර පලාලි ගුවන් තොටුපල ජාත්‍යන්තර ගුවන් තොටුපලක් ලෙස වැඩිදියුණු කළ යුතු බවට දෙමළ ජාතික සන්ධානය විසින් කළ යෝජනාවද ඉන්දීය අගමැතිවරයාගේ අවධානය යොමු වී තිබෙනවා.

LEAVE A REPLY