සියඹලාණ්ඩුව කිඹුලාවෙල ග්‍රාම නිලධාරී වසමට අයත් තිස් දෙක කොටස ගම්මානයට අදහමා ගිය සුලගකින් නිවාස දහයක ට අධික ප්‍රමාණයකට හානි සිදුව තිබෙනවා.

එමෙන්ම එම ප්‍රදේශයේ වගා කර තිබු ගම්මිරිස්,පොල් සහ කොස් ගස් රැසක්ම විනාශ වී ඇති බව සදහන්.

මේ සම්බන්ධයෙන් මොනරාගල දිස්ත්‍රික් ආපදාකලමනාකරන ඒකකයේ සහකාර අධ්‍යක්ෂ රවීන්ද්‍ර කුමාර මහතාගෙන් සිදු කල විමසීමකදී ඒ මහතා සදහන් කර සිටියේ එම නිවාස සහ වගාවන් පිළිබඳ විස්තරය කඩිනමින් ලබාගෙන ඔවුන් වෙත වන්දි ලබා දීමට පියවර ගන්නා බවයි.

මේ අතර දිවයින හරහා දැනට පවතින සුළං තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් පවතිනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව බස්නාහිර, දකුණු, මධ්‍යම, සබරගමුව සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර ඇතැම් ස්ථාන වලට මි.මී. 75 ක පමණ තරමක තද වැසි ඇති විය හැකියි.

එමෙන්ම දිවයින හරහා, විටින් විට හමන පැ.කි.මී. 50 දක්වා තරමක් තද සුළං ඇතිවිය හැකි අතර විශේෂයෙන්, මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් විටින් විට හමන පැ.කි.මී. 60 දක්වා තද සුළං ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කලේ.

LEAVE A REPLY