හිටපු අමාත්‍ය රිශාඩ් බදියුර්දින් හිටපු ආණ්ඩුකාරවරුන් වන අසාද් සාලි හා හිස්බුල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් යන අය වහාම අත්අඩංගුවට ගන්නා ලෙස ආණ්ඩුවට බල කරමින් ජාතික නිදහස් පෙරමුණ සංවිධානය කල විරෝධතාවක් අද බදුල්ල වැලිමඩ නගරයේදි පැවැත්වුනා.

මෙම නිහඩ විරොදතාවය සදහා ඌව පලාත් සභා මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් එක්ව සිටි බවයි අප වාර්තාකරු පැවසුවේ.

මේ සම්බන්ධයෙන් වී එෆ් එම් ප්‍රවෘත්ති වෙත අදහස් දක්වමින් ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් මහතා පැවසුවේ තම ඉල්ලීම්වලට ආණ්ඩුව නිසි ප්‍රතිචාරයක් ලබා දෙන තුරු රට පුරා අඛණ්ඩව විරෝධතා සංවිධාන කරන බවයි

 

LEAVE A REPLY