දිවයින හරහා දැනට පවතින සුළං තත්ත්වය ඉදිරි දිනවලදීත් තවදුරටත් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව දිවයින හරහා, විටින් විට හමන පැ.කි.මී. 50 දක්වා තරමක් තද සුළං ඇතිවිය හැකි අතර මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පැ.කි.මී. 60 දක්වා තද සුළං ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කලේ.

එමෙන්ම බස්නාහිර, දකුණු, මධ්‍යම, සබරගමුව සහ වයඹ පළාත්වලත් , අනුරාධපුර, වවුනියාව සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකියි.

LEAVE A REPLY