ලෝක කුසලාන එක්දින තරගාවලිය සදහා සහභාගී වී සිටින ශ්‍රී ලංකා සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග යළි දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.

ඒ ඔහුගේ බිරිඳගේ මව අභාවප්‍රාප්ත වීම හේතුවෙන්.

ඒ අනුව තමන් ලෝක කුසලාන එක්දින තරගාවලියේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය සමඟ අද පැවැත්වෙන තරගයෙන් පසු යළි දිවයිනට පැමිණෙන බවයි ලසිත් මාලිංග සඳහන් කළේ.

අවමංගල්‍ය කටයුතු අවසන් වීමෙන් පසු යළි කණ්ඩායම සමඟ එකතුවීමට බලාපොරොත්තු වන බවද ලසිත් මාලිංග වැඩිදුරටත් සදහන් කළා.

බංග්ලාදේශය සමඟ පැවැත්වෙන අද තරගයෙන් පසු ශ්‍රී ලංකාව ලබන සෙනසුරාදා ඔස්ට්‍රේලියානු කණ්වඩායම සමඟ තරග වැදීමට නියමිතයි.

LEAVE A REPLY