ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරගය බ්‍රිස්ටල්හීදී අද පැවැත්වෙනවා.

තරගය මෙරට වේලාවෙන් පස්වරු 03ග00 ට ආරම්භ වීමට නයමිතයිගබ්‍රිස්ටල්හීදී මීට පෙර පැවැත්වීමට තිබු ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට සිදු වුණා.

කෙසේ වෙතත් අද තරගයටද වර්ෂාවෙන් බාධා එල්ල විය හැකි බවටයි තොරතුරු වාර්තා වන්නේ.
පුහුණුවීම් අතරතුර ආබාධයකට ලක් වූ නුවන් ප්‍රදීප්ද අද පැවැත්වෙන තරගයට සහභාගී නොවනු ඇති.

තරග තුනකට සහභාගී වූ බංග්ලාදේශය මේ වන විට එක් තරගයක් ජයගෙන ප්‍රසාද ලකුණු දෙකක් ලබාලමෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අට වන ස්ථානයේ පසුවනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම තරග තුනකට එක්වෙමින් එක් තරගයක් පමණක් ජයගෙන ප්‍රසාද ලකුණු 03 ක් ලබාගෙන එම සටහනේ පසු වන්නේ 06 වන ස්නථායෙයි.
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර මේ දක්වා ලෝක කුසලාන තරග තුනක් පැවති අතර ඒ සියලු තරග ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

මේ අනුව දෙරට අතර පවත්වා ඇති එක් දින තරග සංඛ්‍යාව 45 ක්ගඉන් තරග 36 ක් ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් වූ අතර ඉන් තරග 07 ක් බංග්ලාදේශය ජය ගත්තා.
මේ අතර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර ඊයේ පැවති තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට විනිසුරුවරුන් තීරණය කළා.

එම තරගයේ අටවන පන්දු වාරයේදී වර්ෂාවෙන් තරගයට බාධා වීමත් සමග යලි තරගය ආරම්භ කිරීමට හැකියාවක් ලැබුනේ නැහැ.

කෙසේ වෙතත් තරගය නතර කරන විට දකුණු අප්‍රිකානු කණ්ඩායම කදුළු 02 ක් දැවී ලකුණු 29 ක් ලබා සිටියා.

මේ හේතුවෙන් කණ්ඩායම් දෙකට ප්‍රසාද ලකුණ බැගින් ලබා දීමට විනිසුරුවරුන් තීරණය කළා.

LEAVE A REPLY