තේරීම් කාරක සභාවේ කටයුතුවලට මැදිහත් වීමට කැබිනට් මණ්ඩලයට නොහැකි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

අරලියගහ හන්දිරයේ පැවති සිවිල් සමාජ සහ වෘත්තීය සමිති නියෝජිතයන් අතර පැවති සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යවරයා මේ බව සදහන් කළා.

එමෙන්ම, තේරීම් කාරක සභාව පාර්ලිමේන්තුව විසින් පත්කර ඇති බවත්, එහි කටයුතුවලට මැදිහත් වීමට කැබිනට් මණ්ඩලයට කිසිදු හැකියාවක් නොමැති බවත් රනිල් වික්‍රමසිංහ මහතා කියාසිටියා.

මේ අතර, නැගෙ‍නහිර ඉදි කෙරෙන විශ්වවිද්‍යාලය රජයට පවරා ගන්නා බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළා.

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, අරලියගහ මන්දිරයේ දී සිවිල් සමාජ ක්‍රියාකාරීන් හා වෘත්තීය සමිති නායකයන් සමඟ ඊයේ පැවැති සාකච්ඡාවකදීයි.

උපාධි ලබා දෙන ආයතන පිහිටුවීමේ බලය ඇත්තේ රජයට පමණක් බව අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ මහතා එහිදී පෙන්වා දුන්නා.

නැගෙ‍නහිර හිටපු ආණ්ඩුකාර හිස්බුල්ලා මහතා කාත්තන්කුඩියේ දී කර තිබු ප්‍රකාශ ආණ්ඩුව තරයේ හෙළා දකින බවත් ජාතිවාදී ප්‍රකාශවලින් සිදු වන්නේ විශාල හානියක් බැවින් එවැනි ප්‍රකාශ කිරීම නතර කළ යුතු බවත් අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර තිබෙනවා.

අප කටයුතු කළ යුත්තේ ශ්‍රී ලාංකිකයන් වශයෙන් බව පෙන්වා දෙන අග්‍රාමාත්‍යවරයා කියාසිටියේ, ත්‍රෛනිකායික මහා නාහිමිවරුන් ලබාදෙන උපදෙස් අනුව ක්‍රියා කරන බවයි.

අප්‍රේල් 21 වැනි දා සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත් වු මලල්ගොඩ කොමිටියේ වාර්තාව බාර දී ඇති බැවින් එහි නිර්දේශ පිළිබඳව ඉදිරියේ දී කටයුතු කරන බවද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එහිදී වැඩිදුරටත් සඳහන් කළා.

(ගිහාන් සම්පත් බණ්ඩාර)

LEAVE A REPLY