වඩු මඩු වසා දැමීමට රජය තීරණය කර ඇතැයි චෝදනා කරමින් මොරටුව වඩු කාර්මිකයින්, එක්ව ඊයේ ආරම්භ කළ මාරාන්තික උපවාසය අද දෙවන දිනටත් ක්‍රියාත්මක වනවා.

මොරටුව මහ නගර සභාවේ නගරාධිපතිවරයා, නාගරික මන්ත්‍රීවරුන් සහ ආගමික නායකයින් ද එම උපවාසයට එක්ව සිටින බව සඳහන්.

දින කිහිපයක් පුරා ඔවුන් සිදු කළ සත්‍යග්‍රහයෙන් අනතුරුවයි ඔවුන් මෙලෙස ඊයේ දිනයේ මාරාන්තික උපවාසය ආරම්භ කළේ.

මොරටුව මහ නගර සභාවේ නගරාධිපතිවරයා, නාගරික මන්ත්‍රීවරු සහ ආගමික නායකයින් ද එම සත්‍යග්‍රහය සඳහා එක්ව සිටියා.

මේ අතර, වඩු කර්මාන්තයේ පවතින ගැටලු සහ මෙරට වඩු කාර්මිකයා දිරිමත් කිරීම වෙනුවෙන් සිදුකෙරෙන ක්‍රියාවලිය සම්බන්ධයෙන් වූ විශේෂ සංවාදයක් අද වී එෆ් එම් සිද්ධමුල්ල කාලීන වැඩසටහන ඔස්සේ විකාශය කෙරෙනවා.

මේ සඳහා මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය හිරාන් අමරසේකර මහතා සහ මොරටුව විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාරය සිතුමිණ රත්නමලල මහතා සහභාගි වීමට නියමිතයි.

එම වැඩසටහන අද පෙරවරු 6.50 සිට එෆ් එම් 107 ඔස්සේ ඔබට සවන්දිය හැකි අතර, 0115 75 22 22 යන ක්ෂණික දුරකථන අංකය ඔස්සේ ශ්‍රාවක ඔබට සජීවිව අදහස් පළ කිරීමේ අවස්ථාවද හිමිවනවා.

(ගිහාන් සම්පත් බණ්ඩාර)

LEAVE A REPLY