ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට තම සමාජිකයින් ක්‍රියාත්මක කළ දීපව්‍යාප්ත වැඩවර්ජනය මේ වනවිටත් පැවැත්වෙන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩල ජාතික සේවක සංගමය පවසනවා.

ඔවුන්ගේ ගැටලු සම්බන්ධයෙන් වන විශේෂ සාකච්ඡාවක් අද පෙරවරු 10ට ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යවරයා සමග පැවැත්වීමට නියමිතව තිබුණා.

කෙසේ වෙතත්, එම සාකච්ඡාව පස්වරු දෙක දක්වා කල් ගිය බවයි එහි ප්‍රධාන කාර්යාලයේ ලේකම් රංජිත් විජේසිරි මහතා කියාසිටියේ.

(ගිහාන් සම්පත් බණ්ඩාර/ කුෂාරි ඒකනායක)

LEAVE A REPLY