වඩු මඩු වසා දැමීමට රජය තීරණය කර ඇතැයි චෝදනා කරමින් මොරටුව වඩු කාර්මිකයින් එක්ව ඊයේ ආරම්භ කළ මාරාන්තික උපවාසය දෙවන දිනටත් මේ වනවිට ක්‍රියාත්මකයි.

මොරටුව මහ නගර සභාවේ නගරාධිපතිවරයා, නාගරික මන්ත්‍රීවරුන් සහ ආගමික නායකයින් ද එම උපවාසයට එක්ව සිටිනවා.

දින කිහිපයක් පුරා ඔවුන් සිදු කළ සත්‍යග්‍රහයෙන් අනතුරුවයි ඔවුන් මෙලෙස ඊයේ දිනයේ මාරාන්තික උපවාසය ආරම්භ කළේ.ඳා

උපවාසය සඳහා එක්වූ මොරටුව මහ නගර සභාවේ නගරාධිපතිවරයා, නාගරික මන්ත්‍රීවරු සහ ආගමික නායකයින් එම සත්‍යග්‍රහයටද එක්ව සිටියා.

(ගිහාන් සම්පත් බණ්ඩාර/ ඉමේෂි ද සිල්වා)

LEAVE A REPLY