Spectators shelter from the rain after play was suspended during the World Cup cricket match between South Africa and the West Indies at The Ageas Bowl in Southampton, Monday, June 10, 2019. (AP Photo/Kirsty Wigglesworth)

එංගලන්තයේ පැවැත්වෙන මෙවර ක්‍රිකට් ලෝක කුසලානයේ තරග ගණනාවක් වර්ෂාව හේතුවෙන් මේ වනවිට අත්හැර දමන්නට සිදුව තිබෙනවා.

දිගින් දිගටම සිදුවන මෙම ක්‍රියාවලිය හේතුවෙන් 2019 ලෝක කුසලාන තරගාවලිය ක්‍රීඩාලෝලීන් ප්‍රතික්ෂේප කරන තත්ත්වයකට පත්ව ඇති බවයි ක්‍රිකට් විචාරකයන් පෙන්වා දෙන්නේ.

කෙසේ වෙතත්, මෙම වර්ෂවා තාවකාලිකව නතර කිරීම සඳහා යම්කිසි විද්‍යාත්මක ක්‍රමවේදයක් අනුගමනය කරන ලෙසයි ඔවුන් ඉල්ලා සිටින්නේ.

ලෝක කුසලාන වැනි තරගාවලියකදී එය අත්‍යාවශ්‍ය කරුණක් බවද විචාරකයන් පෙන්වා දෙනවා.

විචාරකයන් ප්‍රකාශ කළේ, චීනයේ බීජිං නුවර පැවති ඔලිම්පික් උළෙලේදී පවා එවැනි විද්‍යාත්මක ක්‍රම අනුගමනය කර ඇති බවයි.

ක්ලවුඞ් සීඩින් වැනි ක්‍රම භාවිත කරමින් වර්ෂාව පතිත වීම තාවකාලිකව නතර කළ හැකි බව සඳහන්.

එහිදී උණ්ඩ මගින් හෝ ගුවන් යානා මගින් වර්ෂාව නැවැත්විය යුතු දිනයට පෙර දින වළාකුළු වෙත යම් රසායනිකයක් යොමු කරනු ලබනවා.

මෙමගින් වළාකුළුවල ඇති ජල වාෂ්ප ඝනී භවනය කර කලින්ම වර්ෂාව ඇද හැලීමට සලස්වා වළාකුළුවල ඝනත්වය තුනී කරවීම විශේෂත්වයක්.

(ගිහාන් සම්පත් බණ්ඩාර)

LEAVE A REPLY