පාස්කු ඉරිදා ප්‍රහාරය හේතුවෙන් තාවකාලිකව වසා දැමුණු කොළඹ ෂැන්ග්‍රි-ලා හෝටලය අද සිට නැවත විවෘත වනවා.

ඒ අනුව අද පස්වරු 06 සිට හෝටලය පාරිභෝගිකයන් සඳහා විවෘත වන බවයි හෝටල් පාලනාධිකාරිය සඳහන් කළේ.

පසුගිය අප්‍රේල් 21 වැනිදා කොළඹ කිංස්බරි, සිනමන් ලේක් සයිඞ් හා ෂැන්ග්‍රි-ලා හෝටල් තුනට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල වුණා.

කිංස්බරි හා සිනමන් හෝටල් දෙක මීට පෙර නැවත විවෘත කෙරුණු අතර ෂැන්ග්‍රි-ලා හෝටලය විවෘත කිරීම ප්‍රමාද කිරීමටයි පියවර ගෙන තිබුණේ.

ෂැන්ග්‍රි-ලා පාලනාධිකාරිය පවසන්නේ තම හෝටලයට එල්ල වූ ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයන්ගේ පවුල්වලට හා තුවාල ලැබූවන්ට සහන සැලසීමට ද වැඩපිළිවෙළක් දියත් කරන බවයි.

(ගිහාන් සම්පත් බණ්ඩාර)

LEAVE A REPLY