ජපාන අග්‍රාමාත්‍ය ෂින්ෂෝ අබේ ගේ විශේෂ උපදේශක ආචාර්ය හිරෝටෝ ඉසුමි ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට නියමිතව තිබෙනවා.

ඔහු ලබන 20 වනදා සිට 22 වනදා දක්වා මෙරට මෙලෙස සංචාරයක නිරත වනු ඇති.

ආචාර්ය හිරෝටෝ ඉසුමි, මෙහිදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවීමට ද නියමිතයි.

ජපන් රජය විසින් ශ්‍රී ලංකාව පිළිබඳ පනවා ඇති සංචාරක උපදේශනය සංශෝධනය කිරීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව සඳහන්.

(ගිහාන් සම්පත් බණ්ඩාර)

LEAVE A REPLY