හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන්ට සහ හිටපු ආණ්ඩුකාරවරුන් වන අසාද් සාලිට මෙන්ම එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලාට එරෙහිව පැමිණිලි භාර ගැනීම අදින් අවසන් වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව ඔවුන්ට එරෙහිව තවත් පැමිණිලි ඇත්නම් පෙරවරු 8 සිට පස්වරු 4 දක්වා අද දිනයේත් ඒ සඳහා පත් කළ කමිටුවට ඉදිරිපත් කළ හැකි බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

ඊයේ දිනය වන විට පැමිණිලි 11 ක් එම කමිටුවට ලැබී තිබූ අතර, ඉන් 7ක් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ට එරෙහිවයි ඉදිරිපත්ව ඇත්තේ.

හිටපු ආණ්ඩුකාරවරුන් වන අසාද් සාලිට සහ එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලාට එරෙහිව පිළිවෙලින් පැමිණිලි 3ක් සහ එක් පැමිණිල්ලක් ඉදිරිපත්ව තිබෙනවා.

(ගිහාන් සම්පත් බණ්ඩාර)

LEAVE A REPLY