ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද තජිකිස්ථානය බලා පිටත්ව යාමට නියමිතව තිබෙනවා.

ඒ, තෙදින සංචාරයක් සඳහායි.

තජිකිස්ථානයේ දුශාන්බේහි පැවැත්වෙන ආසියානු අන්තර් ක්‍රියාකාරකම් හා විශ්වාසය ගොඩනැගීමේ ක්‍රියාමාර්ග පිළිබඳ සම්මේලනයේ පස්වන සැසිවාරයට සහභාගී වීම සඳහා ජනාධිපතිවරයා මෙලෙස දිවයිනෙන් පිටත්ව යනු ඇති.

මෙම සංචාරය අතරතුරදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රාජ්‍ය නායකයින් කිහිපදෙනෙකු සමඟ ද්වීපාර්ශවික සාකච්ඡා පැවැත්වීමටද සැලසුම් කර ඇති බව සඳහන්.

(ගිහාන් සම්පත් බණ්ඩාර)

LEAVE A REPLY