ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩාලෝලීන්ගේ වැඩි අවධානයට ලක්ව ඇති තරගයක් අද පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ, ඉන්දීය කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතරයි.

තරගය මෙරට වේලාවෙන් අද පස්වරු තුනට නොටිංහැම් හිදී ආරම්භ වනු ඇති.

ලෝක කුසලාන ප්‍රසාද ලකුණු සටහනේ නවසීලන්තය ප්‍රථම ස්ථානයේ පසුවන්නේ ප්‍රසාද ලකුණු 6 ක් ලබාගනිමින්.

ප්‍රසාද ලකුණු 4ක් ලබා සිටින ඉන්දියාව එම ලකුණු සටහනේ සිව්වන ස්ථානයේ පසුවනවා.

මේ අතර, පාකිස්තානය සමග ඊයේ පැවති තරගයේදී තරගයේ විරයා සම්මානය දිනාගත් ඔස්ටේ්‍රලියානු කණ්ඩායමේ ඬේවිඞ් වෝනර් සිය සම්මානය තරගය නැරඹීමට පැමිණි කුඩා ඔස්ටේ්‍රලියානු ප්‍රෙක්ෂිකාවකට ලබාදීමට කටයුතු කර තිබෙනවා.

මෙම තරගයේදී ඔස්ටේ්‍රලියාව වෙනුවෙන් ශතකයක් රැස්කිරීමට ආරම්භක පිතිකරු ඬේවිඞ් වෝනර් සමත්වූ අතර, ඔහු සිය අත්සනද තරගයේ වීරයා සම්මානයට යෙදීමට කටයුතු කර තිබීම විශේෂත්වයක්.

(ගිහාන් සම්පත් බණ්ඩාර)

 

LEAVE A REPLY