ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද උදෑසන තජිකිස්තානය බලා පිටත්ව ගියා.

ඒ, කිර්ගිස්තානයේ බිෂ්කේක් නුවර පැවැත්වෙන, චීනයේ ෂැංහයි කෝපරේෂන් විසින් සංවිධානය කරනු ලබන කළාපයේ ගැටළු සම්බන්ධයෙන් වන සමුළුවකට සහභාගී වීම සදහායි.

ජනාධිපතිවරයා සමග පස් දෙනෙකුට අධික දූත පිරිසක් ද පිටත්ව ගොස් ඇති අතර, ඔවුන් උදෑසන 10.45 ට එමිරේට්ස් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් පිටත්ව ගිය බවයි වී එෆ් එම් ගුවන්තොටුපල වාර්තාකරු සදහන් කළේ.

මෙම සමුළුව සදහා රුසියාව, චීනය, ඉන්දියාව, පකිස්තානය, තජිකිස්තානය, කිර්ගිස්තානය යන රටවල රාජ්‍ය නායකයින් සහභාගී වීමට නියමිතයි.

මේ වනවිට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද තෙදින සංචාරයක් සදහා සිංගප්පූරුව වෙත පිටත්ව ගොස් සිටිනවා.

(ගිහාන් සම්පත් බණ්ඩාර)

LEAVE A REPLY