TAUNTON, ENGLAND - JUNE 12: David Warner of Australia poses for photos with fans during the Group Stage match of the ICC Cricket World Cup 2019 between Australia and Pakistan at The County Ground on June 12, 2019 in Taunton, England. (Photo by Alex Davidson/Getty Images)

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ 17 වන තරගයෙන් ජය වාර්තා කිරීමට ඔස්ටේලියා කණ්ඩායම සමත් වුණා.

ඔවුන් හමුවෙ ලකුණු 41කින් පරාජයට පත් වූයේ පාකිස්තාන කණ්ඩායමයි.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඔස්ටේ‍රලියාව පන්දුවාර 49ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 307ක් ලබා ගත්තා.

ඬේවිඞ් වෝනර් ලකුණු 107 ක් ලබාගත් අතර, පන්දු යැවීමේ දී මොහොමඞ් අමීර් කඩුලු 5ක් බිද හෙලුවා.

පිළිතුරු ලෙස පාකිස්තානයට පන්දුවාර 45 යි පන්දු 4ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 266ක් පමණයි.

ඉමාම් උල් හක් ලකුණු 53ක් ලබාගත් අතර, පන්දු යැවීමේ දී පැට් කමින්ස් චවාගත් කඩුලු සංඛ්‍යාව 3ක්.

(ගිහාන් සම්පත් බණ්ඩාර)

LEAVE A REPLY