මංතීරු නීති කඩ කළ රියදුරන් 582 කට එරෙහිව නඩු පැවරීමට පොලිසිය කටයුතු කර තිබෙනවා.

කොළඹ නගරයේ පැය දෙකක් තුළ සිදුකළ මෙහෙයුමකින් අනතුරුවයි අදාළ රියැදුරන්ට නඩු පවරා ඇත්තේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියාසිටියේ, මෙම නඩු පැවරීම සඳහා සී සී ටී වී දර්ශන ද උපයෝගී කරගත් බවයි.

මංතීරු නීතිය කඩ කරන්නන්ට රුපියල් 2000 ක දඩයක් නියම කරන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

(ගිහාන් සම්පත් බණ්ඩාර)

LEAVE A REPLY