දිවයිනේ උතුරු ප්‍රදේශයේ දැනට පවතින සුළං තත්ත්වය සහ නිරිතදිග කොටසේ පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයේ තරමක වැඩිවීමක් ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

බස්නාහිර, දකුණ, මධ්‍යම, සබරගමුව සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ.

විශේෂයෙන් බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මිලිමීටර් 100 ක පමණ තද වර්ෂාපතනයන් ඇති විය හැකියි.

උතුර, උතුරුමැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 60 දක්වා තද සුළං ඇතිවිය හැකි අතර, දිවයිනේ සෙසු ප්‍රදේශ හරහා විටින් විට හමන පැ.කි.මී. 50 දක්වා තරමක් තද සුළං ඇතිවිය හැකි බව සඳහන්.

(ගිහාන් සම්පත් බණ්ඩාර)

LEAVE A REPLY