ආසියාවේ අන්තර් ක‍්‍රියා සහ විශ්වාසය ගොඩනැගීමේ පියවර පිළිබද පස්වන සමුලූවට සමගාමීව ශ‍්‍රී ලංකා හා තජිකිස්ථාන ජනාධිපතිවරුන් අතර නිල සාකච්ඡුා අද පැවැත්වුණා. ඒ තජිකිස්ථානයේ ජනාධිපති මන්දිරයේදීයි. එරට ජනාධිපති එමොමාලි රමෝන මහතා විසින් මෛත‍්‍රිපාල සිරිසේන මහතා හරසරින් යුතුව පිළිගත් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ. කාරණා කිහිපයක් මත පදනම්ව නායකයින් දෙපල අතර සාකච්ඡුා බොහෝ වේලාවක් පැවති බවද ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවා.

ආසියාවේ සාමය, ආරක්ෂාව හා ස්ථාවරභාවය ප‍්‍රවර්ධනය කිරීමත් සහයෝගිතාව වැඩි දියුණු කිරීමත් මෙම සමුලූුවේ ප‍්‍රධාන අරමුණු කිහිපයක්. ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා හෙට දිනයේ දී සමුලූව අමතා විශේෂ දේශනයක් සිදුකිරීමට නියමිතයි.

LEAVE A REPLY