නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම් එල් ඒ එම් හිස්බුල්ලා මහතා සහ ඔහුගේ පුතණුවන් ලබාදී ඇති ප‍්‍රකාශ එකිනෙක පරස්පර බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා. අධ්‍යාපන හා මානව සම්පත් සංවර්ධනය පිළිබද අධීක්ෂණ කාරක සභාවේ ප‍්‍රකාශයෙකු මේ බව සදහන් කළා.

ආන්දෝලනයට තුඩු දී ඇති මඩකලපුව පෞද්ගලික විශ්ව විද්‍යාලය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදීයි මේ බව අනාවරණ වී තිබෙන්නේ. හිස්බුල්ලා මහතාගේ පුතණුවන් මෙම කාරක සභාව හමුවේ පෙනී සිටිමින් ප‍්‍රකාශ කර ඇත්තේ
මෙම ඉදිකිරීම සදහා සෞදි අරාබිය විසින් ආධාර ලැබුණු බවයි.

කෙසේවෙතත් එම් එල් ඒ එම් හිස්බුල්ලා මහතා මෙම කාරක සභාව හමුවේ පෙනී සිටිමින් ප‍්‍රකාශ කර ඇත්තේ සෞදිය එලෙස කිසිදු ආධාරයක් ලබානොදුන් බවයි. එම ඉදිකිරීම් සදහා අවශ්‍ය මුදල් සහන ණයක් ලෙස ලබාගත් බවයි හිස්බුල්ලා මහතා සදහන් කර තිබෙන්නේ. එමෙන්ම තම පුතණුවන් අදාළ විශ්ව විද්‍යාලයේ සභාපතිවරයා ලෙස කටයුතු කරන බවද හිස්බුල්ලා මහතා සදහන් කර තිබෙනවා.

මේ අතර හිස්බුල්ලා මහතා ප‍්‍රකාශ කර තිබූ තවත් කාරණයක් වන්නේ මෙම ඉදිකිරීම සදහා අක්කර 100 කින් සමන්විත භූමියක් මහවැලි අධිකාරිය විසින් ලබාදුන් බවයි. කෙසේවෙතත් මහවැලි අධිකාරිය අධ්‍යාපන හා මානව සම්පත් අධ්‍යයනය පිළිබද අධීක්ෂණ කාරක සභාවට දැනුම් දී ඇත්තේ විශ්ව විද්‍යාලයක් ඉදිකිරීමේ ව්‍යාපෘතියක් වෙනුවෙන් අක්කර 35 ක භූමියක් නිදහස් කිරීමට කටයුතු කර ඇති බවයි. එහෙත් තවත් අක්කර 8 ක් බලහත්කාරයෙන් අත්පත් කරගනිමින් මෙම ඉදිකිරීමට යොදා ගෙන ඇති බවද මහවැලි සංවර්ධන අධිකාරිය පෙන්වා දී තිබෙනවා.

අධ්‍යාපන හා මානව සම්පත් සංවර්ධනය පිළිබ`ද අධීක්ෂණ කාරක සභාව පෙන්වා දෙන්නේ මඩකලපුව විශ්ව විද්‍යාලය ඉදිකිරීම සම්බන්ධයෙන් ලැබී ඇති ප‍්‍රකාශවල පරස්පරතාවයන් පවතින බවයි. මේ පිළිබ`ද නීතිපතිවරයාගෙන් ද උපදෙස් ලබාගැනීමට එම කාරක සභාව පියවර ගෙන තිබෙනවා. ඒ අනුව ආන්දෝලනයට තුඩුදුන් මඩකලපුව විශ්ව විද්‍යාලය සම්බන්ධයෙන් වූ විමර්ශනයේ අවසන් වාර්තාව ලබන සතියේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙණු ඇති.
මේ අතර නැගෙනහිර හිටපු ආණ්ඩුකාර එම් එල් ඒ එම් හිස්බුල්ලා මහතා
අද වංචා හා ¥ෂණ කටයුතු සොයා බැලීමේ ජනාධිපති කොමිසම හමුවේ ද පෙනී සිටියා. ඒ මඩකලපුව විශ්ව විද්‍යාලය ඉදිකිරීම සම්බන්ධයෙන් ගැටලූ ගණනාවක් පවතින බවට ඉදිරිපත් වී ඇති තවත් පැමිණිල්ලකට අදාළ ප‍්‍රකාශ ලබාදීම ස`දහායි.

LEAVE A REPLY