පක්ෂ සාමාජිකයෙකු පමණක් ඉදිරි ජනාධිපතිවරණයේ දී අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීමට කෘත්‍යාධිකාරි මණ්ඩලයේදී තීරණයක් ගත් බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි හර්ෂණ රාජකරුණා මහතා පවසනවා.

රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස, කරූ ජයසූරිය යන මහත්වරුන්ගෙන් අයෙකු ඒ සදහා ඉදිරිපත් විය යුතු බවට මතයක් තම පක්ෂය තුළ ගොඩනැගි ඇති බවයි වී එෆ් එම් ප්‍රවෘත්ති සමග සංවාදයකට එක්වෙමින් ඒ මහතා කියා සිටියේ.

ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයා සම්බන්ධයෙන්
තම කණ්ඩායම තුළ නම් කිහිපයක් නොමැති බවත් ඇත්තේ එක නමක් පමණක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල මහතා කියා සිටියා.

ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරනයේ අපේක්ෂකයා සම්බන්ධයෙන් වී එෆ් එම් ප්‍රවෘත්ති ජනතා විමුක්ති පෙරමුණෙන් ද විමසීමක් කළා. ඊට ප්‍රතිචාර දක්වමින් එම පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි බිමල් රත්නායක මහතා කියා සිටියේ තම පක්ෂයේ හෝ පක්ෂයේ නොවන කෙනෙක් ඒ සදහා ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් මේ වන විට පක්ෂ අභ්‍යන්තරයේ සාකච්ඡාවක් පවතින බවයි.

LEAVE A REPLY