කොළඹ ආශ්‍රිත ප්‍රදේශ කිහිපයක ඉන්ධන හිඟයක් පවතින බවට ජනතාව චෝදනා එල්ල කරනවා.

ඊයේ රාත්‍රිය වනවිට ප්‍රදේශ කිහිපයක ඉන්ධනහල්වල ඉන්ධන නොමැති වාතාවරණයක් පැවති බවයි ඔවුන් ප්‍රකාශ කළේ.

ඒ හේතුවෙන් ජනතාව දැඩි ලෙස පීඩාවට පත්ව ඇති අතර, මොරටුව ප්‍රදේශය ආශ්‍රීතව මෙම ඉන්ධන හිඟය දැඩි ලෙස පැවති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව මොරටුව, කටුබැද්ද, රාවතාවත්ත, එගොඩඋයන ඇතුළු ප්‍රදේශ කිහිපයක මෙම ඉන්ධන හිඟය පවතින බවයි ජනතාව කියාසිටියේ.

කෙසේ වෙතත්, දිවයිනේ ඉන්ධන හිඟයක් පවතින්නේද යන්න වී එෆ් එම් ප්‍රවෘත්ති ඛණිජ තෙල් සංවර්ධන අමාත්‍යාංශයෙන් විමසීමක් කළා.

එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, කිසිදු ලෙසකින් දිවයිනේ ඉන්ධන හිඟයක් නොමැති බවයි.

හිඟයකින් තොරව ඉන්ධන බෙදාහැරීම් සිදුවන බවද ඔහු වැඩිදුරටත් කියාසිටියා.

(ඉමේෂි ද සිල්වා/ ගිහාන් සම්පත් බණ්ඩාර)

LEAVE A REPLY