වයස අවුරුදු 12 දක්වා වූ පාසල් සිසුන් අතරින් 16 % ක් පමණ දත් හා හනු ආශ‍්‍රිත විකෘතිතාවන්ට ගොදුරු වී සිටින බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. මෑතකදී සිදුකළ සමීක්ෂණයකදීයි මේ බව තහවුරු වී තිබෙන්නේ. මෙම දරුවන් අතර බහුතරය බලවත් පීඩාවන්ට මුහුණපාන බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා.

මේ අතර සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ මෙලෙස හදුනාගෙන ඇති දරුවන් අනිවාර්යය අවශ්‍යතා සහිත කොට්ඨාශයක් ලෙස සළකන බවයි. එමෙන්ම දත් හා හනු ආශ‍්‍රිත විකෘතිතාවන්ට ලක්ව ඇති දරුවන් වෙත කඩිනමින් ප‍්‍රතිකාර ලබාදෙන ලෙසයි සෞඛ්‍ය අමාත්‍යංශය දෙමාපියන් හා භාරකරුවන් වෙත දැනුම් දෙන්නේ.

ඕනෑම රෝහලකින් නොමිලේම එම ප‍්‍රතිකාර ලබාගත හැකි බවද එම නිවේදනයේ දැක්වුණා.

LEAVE A REPLY