මංතීරු නීතිය පිළිබඳ වූ විශේෂ සංවාදයක් අද වී එෆ් එම් සිද්ධමුල්ල කාලීන වැඩසටහන ඔස්සේ විකාශය කෙරුණා.

රථවාහන නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතායි ඊට සහභාගි වුණේ. එහිදී අදහස් දක්වමින් අජිත් රෝහණ මහතා කියා සිටියේ රථ වාහන රාජකාරී ස`දහා දිනකට පොලිස් නිලධාරීන් 8000 ක් පමණ යොදවා ඇති බවයි.

කෙසේවෙතත් රටේ පවතින තත්ත්වය මත එම නිලධාරීන් සංඛ්‍යාවද ප්‍රමාණවත් නොවන බවයි නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

අද උදෑසන ප්‍රචාරය වූ සිද්ධමුල්ල කාලීන වැඩසටහනට එක්වෙමින් අජිත් රෝහණ මහතා තවදුරටත් කියා සිටියේ මත්පැන්වලට අමතරව විවිධ මත්ද්‍රව්‍ය භාවිත කර රිය පදවන රියදුරන් අත්අඩංගුවට ගැනීම ස`දහා ඉදිරියේදී විශේෂ ක්‍රමවේදයක් හ`දුන්වා දෙන බවයි.

LEAVE A REPLY