2008 වසරේ කොළඹ හා තදාසන්න ප්‍රදේශවල තරුණයින් එකොළොස් දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටී නාවික බල නැවි නිලධාරියා දැඩි කොන්දේසි සහිතව ඇප මත මුදාහැරීමට කොළඹ මහාධිකරණය නියම කළා.

අදාළ සිද්ධියේ 11 වන සැකකරු ලෙස නම් කර රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින නාවික බලනැවි සංජීව ප්‍රභාත් සේනාරත්න මහතා වෙනුවෙන් ඔවුන්ගේ නීතිඥවරු අද ඇප ඉල්ලීමක් ඉදිරිපත් කළා.

එම ඇප ඉල්ලීම සලකා බැලූ කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳී මහතා , අදාළ සැකකරු රුපියල් 150000/ක මුදල් ඇප හා රුපියල් ලක්ෂ 10 බැගින්වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටයි නියම කලේ.

මෙහිදී මහාධිකරණ විනිසුරුවරයා විසින් ඔහුගේ විදේශ ගමන් තහනම් කර විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාර දිය යුතු බවටද නියෝගයක් කළා.

LEAVE A REPLY