මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහන ලෙස ක‍්‍රියාත්මක ව්‍යාපෘතියක් හේතුවෙන් නකල්ස් ඇතුලූ පරිසර සංවේදී කලාපයේ දැවැන්ත ව්‍යසනයක් සිදුවෙමින් පවතින බවට තොරතුරු අනාවරණ වුණා. ඒ මහ සග රුවන සහ විල්ගමුව ප‍්‍රාදේශීය සභාවේ පක්ෂ විපක්ෂ මන්ත‍්‍රිවරුන් සිදුකළ පරීක්ෂාවකදීයි.

මොරගහකන්ද සහ කලූ ගග ජලාශ වෙත ජලය රැුගෙන ඒම සදහායි මෙම ව්‍යාපෘතිය සැලසුම් කර තිබෙන්නේ. සක්‍යතා අධ්‍යයනය සිදුවන විට මෙවැනි විනාශයක් සිදුව ඇත්නම් ඉදිරිය කෙසේවේදැයි උපකල්පනය විය හැකි බව මිනිපේ ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේඛකාධිකාරී පූජ්‍ය මීපේ ආනන්ද හිමියන් පැවසුවා.

උන්වහන්සේ මේ බව කියා සිටියේ ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක ප‍්‍රදේශයේ කිලෝමීටර් 10 ක දුරක් නිරීක්ෂණය කිරීමෙන් අනතුරුවයි. උමං මගින් ජලය ගෙන යාමට සැලසුම් කරන මෙම ව්‍යාපෘතිය මාතලේ දිස්ත‍්‍රික්කයේ ලග්ගල හා විල්ගමුව, නකල්ස් ඇතුලූ ප‍්‍රදේශ ගණනාවක් කාන්තාරයක් කිරීමේ ආරම්භයක්දැයි උන්වහන්සේ රජයෙන් ප‍්‍රශ්න කළා.

එමෙනම මෙම නිරීක්ෂණයට එක් වූ මීගමුව ප‍්‍රාදේශීය සභාවේ උප සභාපති ඉන්දික සමන් කුමාර මහතාද මෙම ව්‍යාපෘතියේ අනතුරුදායක තත්ත්වය පිළිබ`ද කරුණු පැහැදිලි කළා.

LEAVE A REPLY