අරාබි මුහුද ආශ්‍රිතව හටගත් වායු සුළි කුණාටුව ඉන්දියාවේ ගුජරාට් වෙරළ තිරය දෙසින් උතුරු දිසාවට ගමන් කරමින් තිබෙන බව එරට කාලගුණ අංශ පවසනවා.

මේ හේතුවෙන් පුද්ගලයින් ලක්ෂ 3ක් ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමටයි එරට බලධාරින් පියවර ගෙන ඇත්තේ.

ගලවා ගැනිමේ කණ්ඩායම් 52 ක් පමණ ආපදා මෙහෙයුම්වල යොදවා ඇති බව සඳහන්.

පැයට කිලෝමිටර් 155ත් 156 ත් අතර වේගයකින් හමා යන වායු සුලි කුණාටුවේ බලපැම දින දෙකක් පමණ අපෙක්ෂා කෙරෙනවා.

වායු සුළි කුණාටුව හේතුවෙන් මුහුදු බඩ දුම්රිය ගමන් වාර 70ක් තාවකාලිකව නතර කිරීමට ද ප්‍රාන්ත බලධාරීන් පියවර ගෙන ඇති බව සඳහන්.

එමෙන්ම, මුම්බායි ගුවන් තොටුපළ ආශ්‍රිත ගුවන් ගමන් 400කට පමණ පවතින අහයපත් කාලගුණයෙන් බලපැම් එල්ල වි ඇති අතර ගුවන් ගමන් රැසක් ප්‍රමාද වී තිබෙනවා.

(ගිහාන් සම්පත් බණ්ඩාර)

LEAVE A REPLY