දිවයිනට බලපා ඇති දැඩි වියළි කාලගුණයෙන් හාරලක්ෂ හතළිස්දහසකට අධික පිරිසක් පීඩාවට පත්ව සිටිනවා.

මින් වැඩි පිරිසක් උතුරු හා නැගෙනහිර පළාත්වල ජනතාව බවයි ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කලේ.

උතුරු පළාතේ පමණක් නියඟයෙන් පීඩාවට පත් පුද්ගලයින් සංඛ්‍යාව එක්ලක්ෂ අනුදහස් දෙසිය හැටක්.

මාස කීපයකින් උතුරු පළාතට වර්ෂාව නොලැබීම මත එම පළාතේ ළිං සහ කුඩා වැව් සියල්ලම සිඳීයාම හේතුවෙන් එම ප්‍රදේශවාසීන් මේ වනවිට දැඩි පානීය ජල අර්බුදයකටද මුහුණ පා සිටිනවා.

මේ අතර ගෙවී ගිය පැය 24 ඇතුලත දිවයිනේ වැඩිම උෂ්ණත්වයක් වාර්තා වුනේ වවුනියාව දිස්ත්‍රික්කයෙන් බව සදහන්.එහි අගය සෙල්සියස් අංශක 37.8ක් ලෙස දැක්වුනා.

මේ අතර බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

LEAVE A REPLY