මෙරට තේ සඳහා ලෝක වෙළඳපොළේ ඇති වටිනාකම සීග්‍රයෙන් පහත වැටෙමින් පවතින බව වාර්තා වනවා.

පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේදී තේ නිෂ්පාදන සඳහා ලැබුණු සාමාන්‍ය මිල මට්ටම සැලකිය යුතු මට්ටමකින් පහත වැටී ඇති බව සඳහන්.

පසුගිය වසරේදී අපනයන තත්ත්වයේ පවතින තේ කිලෝග්‍රෑමයක් සඳහා ලැබුණු මිලෙහි සාමාන්‍යය රුපියල් 616 යි ශත 54 ක් ලෙස සටහන්ව තිබුණා.

නමුත් එය මෙම වසරේ ගෙවීගිය කාලසීමාව තුළ රුපියල් 574 යි ශත 90 ක් දක්වා පහත වැටී ඇති බවයි වාර්තා වන්නේ.

ඉතිහාසය පුරා මෙරට නිෂ්පාදිත තේ සඳහා ලොව දියුණු රටවලින් විශාල ඉල්ලුරෑමක් පැවති අතර ඊට හේතු වූයේ මෙරට තේ රසවත්ම තේ ලෙස කීර්තිනාමයක් දිනාගෙන සිටීම හා ප්‍රමිතියෙන් යුක්තව නිෂ්පාදනය කිරීමයි.

කෙසේ වෙතත් මේ වනවිට එම තත්ත්වය පහත වැටී ඇත්තේ, වැඩි ඉල්ලුරෑමක් සහිත තේ නිෂ්පාදන සඳහා ප්‍රමාණවත් සැපයුමක් නොමැති වීම හේතුවෙන් බව සඳහන්.

(ගිහාන් සම්පත් බණ්ඩාර)

LEAVE A REPLY