පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු තමත් ඇතුළු කතෝලික ජනතාව වෙත ශෝකය පළ කරමින් සහයෝගීතාව සහ සමීපතාව පළ කළ සියලූ දෙනාට හෘදයාංගම ස්තූතිය සහ උපහාරය පුද කරන බව කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.

බොහෝ පිරිසක්, විනාශ වූ දේවස්ථාන යළි ගොඩනැගීම සඳහා මූල්‍ය ආධාර ප්‍රදානය කිරීමට සහ විපතට පත් ජනතාව වෙනුවෙන් ආධාර කිරීමට එක්වූ බවයි උන්වහන්සේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

තමන් වෙත ලැබෙන සියලු පණිවිඩවලට වෙන වෙනම පිළිතුරු යොමු කිරීමට අවශ්‍ය වුවද සිය කාර්ය බහුලත්වය හේතුවෙන් එය අතිශයින් දුෂ්කර කටයුත්තක් බවද කාදිනල් හිමියන් පෙන්වා දෙනවා.

සහන අරමුදල වෙත ලැබෙන මූල්‍යාධාරවලින් පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මියගිය අයගේ පවුල්වලට සහ තුවාල ලැබූවන්ගේ ප්‍රතිකාර සඳහා ලබාදීමට අපේක්ෂා කෙරෙන බව සඳහන්.

කෙසේවෙතත් ජනතාව හෝ වෙනත් පාර්ශ්වයක් ලබාදුන් මූල්‍ය ආධාර අදාළ සහන අරමුදල වෙත ලැබුණු බවට සහතිකයක් ලැබී නොමැති නම් ඒ පිළිබඳ සියලුරෑ විස්තර ඇතුළත් කර ඊමේල් පණිවුඩයක් යොමු කරන ලෙසයි කාදිනල් හිමියන් ඉල්ලා සිටින්නේ.

(ගිහාන් සම්පත් බණ්ඩාර)

LEAVE A REPLY