BIRMINGHAM, ENGLAND - JUNE 19: Kane Williamson of New Zealand plays a shot for six during the Group Stage match of the ICC Cricket World Cup 2019 between New Zealand and South Africa at Edgbaston on June 19, 2019 in Birmingham, England. (Photo by Alex Davidson/Getty Images)

2019 ලෝක කුසලාන තරගාවලියේ දකුණු අප්‍රිකානු කණ්ඩායම සමග ඊයේ බර්මින්හැම් හිදී පැවති තරගයෙන් කඩුලු 4ක තියුණු ජයක් හිමිකර ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත්වුණා.

ඒ අනුව නවසීලන්ත කණ්ඩායම සිය අපරාජිත වාර්තාව තවදුරටත් රැක ගැනීමට සමත්ව ඇති අතර, දකුණු අප්‍රිකාවට අවසන් පූර්ව වටයට පිවිසීමේ අවසන් බලාපොරොත්තුව ද අහිමි වී ගියා.

කාසියේ වාසිය හිමි කර ගත් නවසීලන්ත නායකයා පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව දකුණු අප්‍රිකානු කණ්ඩායමට ලබා දුන්නේ තණතීරුවේ උපරිම සහය ලබා ගැනීමේ අරමුණින්.

කෙසේ වෙතත්, පන්දුවාර 49ක් අවසානයේ කඩුලු 6ක් දැවී දකුණු අප්‍රිකානුවන්ට ලබාගත හැකි වූයේ ලකුණු 241ක් පමණයි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 48 යි පන්දු 3කදී කඩුලු 6 ක් දැවී ලකුණු 245 ක් ලබාගනිමින් ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

සිය 12 වැනි ශතකය වාර්තා කළ නායක කේන් විලියම්සන් ලකුණු 106ක් ලබා ගනිමින් තරගයේ වීරයා සම්මානය දිනාගනු ලැබුවා.

තරගාවලියේ ඕස්ටේ්‍රලියාව හා බංග්ලාදේශය අතර තරගය අද නොටිංග්හැම් හී දී පැවැත්වීමට නියමිතයි.

(ගිහාන් සම්බත් බණ්ඩාර)

LEAVE A REPLY