රජය අපේ‍්‍රල් 21 ප‍්‍රහාරයට සම්බන්ධ තොරතුරු සගවමින් සිටින බව කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමන් පවසනවා. රෝමයේ සිට රොයිටර් පුවත් සේවය වෙත අදහස් පළකරමින් එතුමන් මේ බව අවධාරණය කර තිබෙනවා. කාදිනල්තුමන් රෝමය බලා පිටත්ව ගොස් ඇත්තේ අතිඋතුම් ශු්ද්ධෝත්තම ෆැන්සිස් පාප්තුමන් හමුවීම සදහායි. එම හමුව සිදුවීමට පෙර මාධ්‍ය වෙත අදහස් දක්වමින් කාදිනල්තුමන් පෙන්වා දී ඇත්තේ අප්‍රෙල් 21 ප‍්‍රහාරය පිළිබද ලැබුණු බුද්ධි තොරතුරු නොසළකා හැරියේ ඇයි ද යන්න සෙවීමට ශ‍්‍රී ලංකා රජයේ කිසිවෙකුට හෝ උනන්දුවක් නොමැති බවයි.

ඒ සම්බන්ධයෙන් කිසිදු වගකීමක් නොගැනීම තුළ බරපතල තත්ත්වයක් නිර්මාණය වී ඇති බවත් කොමිෂන් සභා පත්කොට එකිනෙකාට චෝදනා එල්ල කරගැනීමෙන් ගැටලූවට විසදුම් නොලැබෙන බවත් එතුමන් අවධාරණය කර තිබෙනවා.

මේ අතර අපේ‍්‍රල් 21 ප‍්‍රහාරය එල්ල වී අදට දෙමසක් සම්පූර්ණ වුණා. අපේ‍්‍රල් මස 21 වනදා පෙරවරුවේ ස්ථාන 8 ක සිදු වූ පිපිරීම්වලින් 300 කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත් වූ අතර තවත් විශාල පිරිසකට තුවාල සිදුවුණා. ඇතැමුන්ට අත් පා පවා අහිමි කළ මෙම ප‍්‍රහාරය සම්බන්ධයෙන් ලෝකයේම අවධානය යොමු කළේ ඊට අයිඑස් අයිඑස් සංවිධානයේ සම්බන්ධයක් පැවතීම හේතුවෙන්.

ප‍්‍රහාරයෙන් අනතුරුව විවිධ පාර්ශ්ව වෙතින් තවත් පාර්ශ්ව වෙත චෝදනා එල්ල වුණා. එහි ප‍්‍රතිඵලයක් ලෙස හේමසිරි ප‍්‍රනාන්දු මහතා ආරක්ෂක ලේකම් ධුරයෙන් ඉවත් වූ අතර ජනපති නියෝගයෙන් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට අනිවාර්යය නිවාඩු යාමට සිදුවුණා. එමෙන්ම ප‍්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීම ස`දහා ජනාධිපතිවරයා විසින් කොමිසමක් පත්කළ අතර පාර්ලිමේන්තුවේ යෝජනා ස්ථිරත්වයෙන් විශේෂ පාර්ලිමෙන්තු තේරීම් කාරක සභාවක් ද පත්කළා.

ඒ සියල්ල එසේ සිදුවෙද්දි පූජ්‍ය අතුරලියේ රතන හිමියන් උපවාසයක් ආරම්භ කළේ මුස්ලිම් අමාත්‍යවරයෙකු සහ ආණ්ඩුකාරවරුන් දෙදෙනෙකු එම ධුරවලින් වහාම ඉවත් කරන ලෙස බලකරමින්. එහිදී එම නියෝජිතයින්ද සමග සියලූම මුස්ලිම් අමාත්‍යවරුන් ධුර අත්හැරීමට පියවර ගත්තා. ඒ තුළ යම් යම් මතවාද සහ ගැටලූකාරී තත්ත්වයක් මතුවුවද ඒවා වැළකුණේ මහා සංඝ රත්නයේ මැදිහත්වීම සහ එය දේශපාලන ගැටලූවක් කර නොගැනීමට සමාජය ද
වගබලා ගැනීම හේතුවෙන්.

කෙසේවෙතත් අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල්තුමන් පෙන්වා දෙන කාරණය වන්නේ දෙමසක් ගත වී ඇතැත් මේ දක්වාම මූලික ගැටලූ විමර්ශනය කිරීම සදහා අවධානය යොමු වී නොමැති බවයි.

LEAVE A REPLY