එක්සත් ජාතික පක්ෂය පිළිබද හෝ මුස්ලිම් ජනතාව සම්බන්ධයෙන් හෝ තමන් වහන්සේ තුළ කිසිදු වෛරයක් නොමැති බව අස්ගිරි මහ නාහිමියන් පවසනවා. අතිපූජ්‍ය වරකාගොඩ ශ‍්‍රී ඥානරතන මහ නාහිමියන් මේ බව කියා සිටියේ මාධ්‍ය වෙත ප‍්‍රකාශයක් සිදුකරමින්. තමන් වහන්සේ විසින් මීට ඉහතදී කරන ලද ප‍්‍රකාශයක් වැරදි ලෙස අර්්ථකථනය කර ඇතැයි ද උන්වහන්සේ පෙන්වා දෙනවා.

අපේ්‍්‍රල් 21 ප‍්‍රහාරයේ වැරදිකරුවන් හදුනාගෙන ඔවුන්ට නිසි දඩුවම් ලබාදීම රජයේ වගකීම බවත් ඒ කෙරෙහි නිසි අවධානයක් යොමු නොකිරීම තුළ ජනතාව කළකිරීමෙන් පසුවන බවත් පමණක් පෙන්වා දීම සිදුකළ බවයි අස්ගිරි මහ නාහිමියන් වැඩිදුරටත් අවධාරණය කළේ.

LEAVE A REPLY