ජපානයේ රැකියා ලබාදීමේ වැඩපිලිවෙලක් රජය විසින් ආරම්භ කිරීමත් සමග ජාවාරම්කරුවන් සමාජය මුලාකරමින් සිටින බවට තොරතුරු වාර්තා වනවා. විදේශ සේවා නියුක්ති කාර්යංශය පෙන්වා දෙන්නේ ජපානයේ රැකියා පෙන්වා සිදුවන මුදල් ජාවාරම් පිළිබද ප‍්‍රදේශ රැුසකින් තොරතුරු වාර්තා වී ඇති බවයි.

විදේශ සේවා නියුක්ති කාර්යංශය ජනතාවට දැනුම් දෙන්නේ ජපන් රැකියා ලබාදෙන රජයේ වැඩපිළිවෙලට කිසිදු මුදලක් අය නොකරන බවයි. එම සේවාව නොමිලේ ලබාදීමට සියලූ කටයුතු සම්පාදනය කර ඇති බවද එම කාර්යංශය පෙන්වා දෙනවා. සම්මුඛ පරීක්ෂණවලින් තෝරා ගන්නා සියලූ අයදුම්කරුවන් වෙත පුහුණුව ලබාදීම, ගුවන් ටිකට්පත් වෙන් කිරීම ඇතුලූ සියලූ කටයුතු නොමිලේ සිදුකරන බවද විදේශ සේවා නියුක්ති කාර්යංශය අවධාරණය කර සිටිනවා.

ජපන් රැකියා සදහා යොමු වීමේ මෙම අවස්ථාව හිමිවුණේ ශ‍්‍රී ලංකා – ජපන් රජයන් අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුමකට අනුවයි. ක්ෂේත‍්‍ර 14 ක් යටතේ විවිධ රැුකියා අවස්ථා මෙරට ශ‍්‍රමිකයින්ට ලබාදීමටයි ජපානය එකග වී තිබෙන්නේ.

 

LEAVE A REPLY