පාංශු පරීක්ෂණ ක්ෂේත‍්‍රයට නව උපකරණයක් හදුන්වා දෙමින් ලෝක මට්ටමේ සම්මානයක් හිමිකර දීමට මෙරට සරසවි ශිෂ්‍යාවක් සමත් වුණා. එංගලන්තයේ දී පසුගියදා පැවති කොයින්ස් බ‍්‍රෑන්ඞ් චැලේන්ජ් නැමැති සම්මාන උළෙලේදී මෙම ගෞරවය හිමිකර ගත්තේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ තෙවන වසරේ චතුරංගි එඩිසූරිය ශිෂ්‍යාවයි.

පාංශු පරීක්ෂණ අදාළ ක්ෂේත‍්‍රය තුළ දීම සිදුකර විනාඩි කිහිපයක් ඇතුලත පරීක්ෂණ වාර්තා ලබාගැනීමට ඇති හැකියාව ඇය විසින් හදුන්වාදුන් උපකරණයේ විශේෂත්වයි. එමෙන්ම එවැනි කාර්යක්ෂම උපකරණයක් ලෝකයට දායාද කළ පළමු අවස්ථාව ද මෙයයි.

පරීක්ෂණාගාරයක් තුළදී පාංශු පරීක්ෂණ සිදුකර වාර්තා ඉදිරිපත් කිරීම සදහා දීර්ඝ කාලයක් ගතවනවා. එහෙත් චතුරංගි ශිෂ්‍යාව හදුන්වාදී ඇති උපකරණය මගින් එම සියලූ කටයුතු විනාඩි කිහිපයක් තුළ සිදුකිරීමට ඇති හැකියාව ලෝකයේම අවධානය හිමිවීමට හේතුවයි. මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළ චතුරංගි එඩිසූරිය ශිෂ්‍යාවයි මේ.

එමෙන්ම හොදම ආයෝජනය සදහා වූ අදහස ලෙස ද ඇගේ නිෂ්පාදනය ඇගයීමට ලක්ව තිබෙනවා.

 

LEAVE A REPLY