වැලිකඩ බන්ධනාගාරය තුළ 2012 වසරේ දී ඇති වූ ගැටුම්වලින් සිරකරුවන් පිරිසක් ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධියට අදාළ නඩුව විභාග කිරීම සදහා ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් පත්කරන්නැයි නීතිපතිවරයා අගවිනිසුරුවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ලිඛිත ඉල්ලීමක් ලෙසයි මෙය ඉදිරිපත් කර තිබෙන්නේ. නීතිපතිවරයා පෙන්වා දී ඇත්තේ් 2012 වසරේ නොවැම්බර් මස 9 වනදා සිදු වූ මෙම සිද්ධිය පුලූල් විමර්ශනයකට ලක්කොට විනිශ්චයක් ලබාදීම වඩාත් යෝග්‍ය බවයි.

එමෙන්ම ඔහු පෙන්වා දී ඇති තවත් කාරණයක් වන්නේ අදාළ නඩුවේ විත්තිකරුවන් ලෙස නම් කර සිටින පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ හිටපු පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව හිටපු බන්ධනාගාර කොමසාරිස්වරයෙකු වන එමිල් රංජන් ළමාහේවා සහ බන්ධනාගාර බුද්ධි අංශයේ සේවය කළ නිලධාරියෙකු වන සුජීව සම්පත් යන අයට එරෙහිව චෝදනා 33 ක් යටතේ අධිචෝදනා ගොනු කිරීමට අපේක්ෂා කරන බවද නීතිපතිවරයා පෙන්වා දී තිබෙනවා.

 

LEAVE A REPLY