ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ තවත් තරග දෙකක් අද පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඉන් එක් තරගයක් ප්‍රබල ඉන්දීය කණ්ඩායම සහ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතයි.

අනෙක් තරගය නවසීලන්ත කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙනු ඇති.

නවසීලන්තය ලෝක කුසලාන ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානයේ පසුවන අතර, කොදෙව්වන් පසුවන්නේ හත් වැනි ස්ථානයේයි.

ඉන්දියාව සිව්වන ස්ථානයේ පසුවන අතර, ඇෆ්ගනිස්ථානය ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානයේ පසුවනවා.

අද තරගවලින් ඉන්දියාව සහ නවසීලන්තය ජයගතහොත් ශ්‍රී ලංකා කණ්ඩායමට ඉන් බලපෑමන් සිදුවන්නේ නැහැ.

ඇෆ්ගනිස්ථානයේ ජයද ශ්‍රී ලංකාවට එතරම් බල නොපාන අතර, කොදෙව්වන් ජයගතහොත් යම්කිසි බලපෑමක් එල්ල විය හැකියි.

(ගිහාන් සම්පත් බණ්ඩාර)

LEAVE A REPLY