කොළඹ ප්‍රදේශ කිහිපයකට අද දිනයේ පැය 15 ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජලසම්පාදන මණ්ඩලය පවසනවා. අද පෙරවරු 9 සිට මධ්‍යම රාත්‍රි 12 දක්වා එම ජල කප්පාදුව ක්‍රියාත්මක වනවා.

අඹතලේ ජල පවිත්‍රාගාරයේ වැඩි දියුණු කිරීමක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම තාවකාලිකව අත්හිටුවීමට සිදුවන බවයි ජලසම්පාදන මණ්ඩලය නිවේදනය කළේ.

ඒ අනුව කොළඹ දෙහිවල ගල්කිස්ස කෝට්ටේ කඩුවෙල යන මහ නගර සභා බලප්‍රදේශවලටත් මහරගම බොරලැස්ගමුව කොලොන්නව යන නගර සභා බලප්‍රදේශවලටත් , කොටිකාවත්ත මුල්ලේරියාව යන ප්‍රාදේශීය සභා බලප්‍රදේශවලට මෙන්ම රත්මලාන සහ සොයිසාපුර මහල් නිවාස සංකීර්ණවලට ද අද දිනයේ මෙලෙස ජල සැපයුම අත්හිටුවනු බව සඳහන්.

(ඉමේෂි ද සිල්වා)

LEAVE A REPLY