LEEDS, ENGLAND - JUNE 21: Angelo Matthews of Sri Lanka celebrates with his team after the wicket of Mark Wood of England which won them the match after the Group Stage match of the ICC Cricket World Cup 2019 between England and Sri Lanka at Headingley on June 21, 2019 in Leeds, England. (Photo by Clive Mason/Getty Images)

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ 27 වන තරගයෙන් එංගලන්තය පරදා ලකුණු 20 තියුණු සහ විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා.

ලීඞ්ස්හී දී පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව කඩුලු 9ක් දැවී ලකුණු 232ක් ලබා ගත්තා.

ඇන්ජෙලෝ මැතිව්ස් නොදැවී ලකුණූ 85යි.

පන්දු යැවීමේ දී ජොෆ් ආචර් සහ මාර්ක් වුඞ් කඩුලු 3 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්තයට පන්දුවාර 47ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 212ක් පමණයි.

බෙන් ස්ටොක්ස් නොදැවී ලකුණු 82යි.

පන්දු යැවීමේ දී ලසිත් මාලිංග කඩුලු 4ක් බිද හෙලමින් තරගයේ වීරයා ලෙසද සම්මාන දිනා ගත්තා.

ඊයේ තරගයෙන් ජය වාර්තා කිරීමෙන් පසු ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න මාධ්‍ය හමුවේ දී මෙලෙස අදහස් දක්වා සිටියා.

LEAVE A REPLY