දිවයින හරහා සුළගේ වේගය ඉහළ යාම සහ දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්වය, ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණු, වයඹ සහ උතුරු මැද පළාත්වලත් ත්‍රිකුණාමලය සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 50 – 60 දක්වා තද සුළං ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එමෙන්ම, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් කළුතර සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 ක පමණ තද වර්ෂාපතනයක්ද ඇති විය හැකි බව කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ශානිකා දිසානායක මහත්මිය කියාසිටියා.

(නදීකා මධුවන්ති ගුණරත්න)

LEAVE A REPLY