දිවයින වටා ඇති මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය ඉහල යාමේ අවධානමක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 60 දක්වා වැඩි විය හැකි අතර මෙම මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කලේ.

එමෙන්ම මීගමුව සිට පුත්තලම සහ මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50 දක්වා වැඩි විය හැකි බව සදහන්.

මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් ධීවර සහ නාවුක ප්‍රජාව ඉතා අවධානයෙන් කටයුතු කරන ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ශානිකා දිසානායක කියා සිටියේ.

 

LEAVE A REPLY