ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර පැවැත්වෙන 06 වන වටයේ සාකච්ඡාව අද පැවැත්විමට නියමිතව තිබෙනවා.

අද පස්වරුවේ විපක්ෂ නායක කාර්යාලයේදී එය පැවැත්විමට නියමිතයි.

පක්ෂ දෙක අතර පසුගිය 17 වනදා පැවැත්විමට නියමිතව තිබූ සාකච්ඡා අද දිනයට කල් තැබුණා.

ඉදිරි ජනාධිපතිවරණයට මුහුණදීම සඳහා දෙපාර්ශ්වය කටයුතු කළ යුත්තේ කෙසේද යන්න සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බව සඳහන්.

(ගිහාන් සම්පත් බණ්ඩාර)

LEAVE A REPLY