තැපැල් දෙපාර්තමේන්තුවේ සේවකයන්ට සහ ආයතනයට බලපාන කරුණු කිහිපයක් මුල්කරගමිනින් අද විරෝධතා ව්‍යාපාරයක් පවත්වන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පවසනවා.

ඒ අනුව අද දහවල් 12 ට තැපැල් අමාත්‍යංශය ඉදිරිපිට එම විරෝධතා ව්‍යාපාරය ආරම්භ කරන බවයි එම සංගමයේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා වී එෆ් එම් ප්‍රවෘත්ති වෙත කියා සිටියේ.

කෙසේවෙතත් තම ගැටළුවලට විසඳුම් ලබාදීමට බලධාරීන් අපොහොසත් වුවහොත් ලබන මස මුල් සතියේදී අඛන්ඩ වැඩවර්ජනයකට අවතීර්ණ වීමට තීරණය කර ඇති බවද ඔහු අවධාරණය කළා.

LEAVE A REPLY