ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ඉදිරි තරග සදහා ද කහ වර්ණය ඇතුළත් ඇදුමෙන් සැරසී තරග වැදීමට තීරණය කර තිබෙනවා.

ඒ සදහා ජගත් ක්‍රිකට් කවුන්සලයේ අනුමැතිය හිමිව ඇති බවයි වාර්තා වන්නේ.

තරගාවලිය ආරම්භයට පෙර සෑම කණ්ඩායමක්ම විකල්ප ඇදුමක් ඉදිරිපත් කර තිබුණා.

එංගලන්තයට එරෙහිව පෙරලිකාර ජයක් වාර්තා කළ තරගයේ දී ද ශ්‍රීලංකා කණ්ඩායම ඇද සිටියේ කහ වර්ණය ඇතුළත් ඇදුමයි.

ශ්‍රී ලංකාව මෙවර තරගාවලියේ පළමු තරග කිහිපය සදහා නිල් වර්ණය ප්‍රධාන කර ගත් ඇදුමකින් සැරසී සිටියා.

LEAVE A REPLY