ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායමට ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් දඩ පනවා තිබෙනවා.

ඒ මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ එම කණ්ඩායම් දෙක අතර පැවැති තරගයේ දී ඔවුන් නියමිත කාලයට පන්දුවාර 50 යවා නිම නොකිරීම හේතුවෙන්.

ඒ අනුව කණ්ඩායම් දෙකේ නායකයින් වන දිමුත් කරුණාරත්නට සහ ජේසන් හෝල්ඩර්ට තරග ගාස්තුවෙන් සියයට 40 බැගින් දඩ නියම කර ඇති බව සදහන්.

ඊට අමතරව සෙසු ක්‍රීඩකයින් සියලු දෙනාටම තරග ගාස්තුවෙන් සියයට 20 බැගින් දඩ පනවා තිබෙනවා.

එමෙන්ම දිමුත්ගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම හෝ හෝල්ඩර්ගේ නායකත්වය යටතේ කොදෙව් කණ්ඩායම ඉදිරි මාස 12ක කාලය තුළ දී මෙම වරද යළි සිදු කළහොත් එම නායකයන් සදහා තරග තහනමක් ද පනවනු ඇති.

(ගිහාන් සම්පත් බණ්ඩාර)

LEAVE A REPLY