ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වී සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ ඇතුළු නිලධාරීන් හයදෙනකු වහාම ඉවත් කිරීමට තීරණය කර ඇති බව ක්‍රිකට් ආරංචි මාර්ග පවසනවා.

අදාළ නිලධාරීන් අතරට කණ්ඩායමේ පුහුණුකරුවන් තිදෙනාම ඇතුළත්ව ඇති බවයි වාර්තා වන්නේ.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රදර්ශනය කළ දැඩි අසාර්ථකත්වය පිළිබඳව අවධානය යොමු කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය මෙම තීරණයට එළඹ ඇති බව සඳහන්.

ලෝක කුසලාන තරගාවලියට සහභාගි වී සිටින ශ්‍රී ලංකා කණ්ඩායමට නිලධාරීන් දස දෙනකු ඇතුළත් වන අතර, විදේශිකයන් තිදෙනකුද ඊට අයත්.

ස්ටීව් පන්දු රැකීමේ පුහුණුකරු ලෙසද, ජෝන් ලූවිස් පිතිකරුවන්ගේ පුහුණුකරු ලෙසද, නික් ලී අභ්‍යාසකවරයා ලෙසද කටයුතු කරනවා.

මනෝජ් අබේවික්‍රම පන්දු රැකීමේ පුහුණුකරුවෙකු ලෙස කටයුතු කරන අතර, භෞත චිකිත්සකවරයා ලෙස කටයුතු කරන්නේ අජන්ත වත්තේගමයි.

අසන්ත ද මෙල් තේරීම් කමිටු සභාපතිවරයා සහ කණ්ඩායම් කළමනාකරු ලෙසත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විදේශ ක්‍රිකට් අංශ ප්‍රධානී චන්දිම මාපටුන සැපයුම් කළමනාකරු ලෙසත් කටයුතු කරනු ලබනවා.

පරිගණක විශ්ලේෂකයකු සහ තවත් නිලධාරියෙකු ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම් කාර්ය මණ්ඩලයට ඇතුළත්ව සිටින බවයි වාර්තා වන්නේ.

LEAVE A REPLY