ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන අවසන් තරගය ලීඩ්ස්හිදී අද පැවැත්වෙනවා.

ඒ, ප්‍රබල ඉන්දීය කණ්ඩායම සමගයි.

ලීඩ්ස්හි තණතීරුව පිතිකරුවන්ට වාසිදායක වනු ඇති බවටයි වාර්තා පල වන්නේ.

ඒ අනුව පිතිකරුවන් 06 දෙනෙකු සමග ශ්‍රී ලංකා පිල මෙම තරගයට සහභාගී වනු ඇති බවයි ක්‍රිකට් ආරංචි මාර්ග අනාවරණ කළේ.

මේ අතර ඉන්දියාවට එරෙහි තරගය ජයග්‍රහණය කර හොදින් තරගාවලිය අවසන් කිරීම සිය කණ්ඩායමේ අපේක්ෂාව බව ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න ප්‍රකාශ කළා.

තරගයට පෙර පැවති මාධ්‍ය හමුවට එක්වෙමිනුයි දිමුත් කරුණාරත්න මේ බව කියාසිටියේ.

(ගිහාන් සම්පත් බණ්ඩාර)

LEAVE A REPLY