අමෙරිකාවේ ෆ්ලෝරිඩා ප්‍රාන්තයේ සාප්පු සංකීරණයක පිපිරීමක් සිදුව තිබෙනවා.

පිපිරීමෙන් පුද්ගලයින් විසි දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

පිපිරීමෙන් සාප්පු සංකීර්ණය ආසන්නයේ නවතා තිබූ වාහනවලට ද දැඩි අලාභ හානි සිදුව තිබෙනවා.

පිපිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන එරට ආරක්ෂක අංශ මගින් ක්‍රියාත්මකයි.

LEAVE A REPLY